Skip to main content

ගම්පහ, ගම්පහ ම ය.

වසරකුත් මාස කිහිපයක් ම මා වියුණු සටහනක් නොලීවේ එයට නිමිත්තක් නැතිවද නොවේ. අද මෙය මෙසේ ලියන්නේ නිමිත්තක් ඇතුව යයි සිතනා අය ද නොසිතනා අය ද ඇත. මමත් එවැනි න්‍යුට්‍රල් හා/හෝ නර්වස් මය හැඟීමකින් නිරුත්තර ය. මා ඉපදුන දිස්ත්‍රික්කය ගම්පහ ය. මා ලොකු මහත්වී අධ්‍යාපනය ලැබූ දිස්ත්‍රික්කය ද ගම්පහ ය. ඉපදුන දා පටන් අද දක්වා දශක තුනකට ආසන්න කාලයක් මා දිවි ගෙවන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ය. මා තාම විවාහ වී නැති නිසා මාගේ Fiancé ගම්පහ දිස්ත්‍රික්කයේ ද කියා කීමටත් තවම මට නොහැකිය. නමුත් එවකට මගේ එක් ප්‍රාර්ථනාවක් වූයේ ගම්පහින් ම මාගේ එම කර්තව්‍යය සිද්ධ කරගැනීමට ය. ඒවා එසේම තිබියදී ගම්පහ යනු ඉතා ආකර්ෂණීය සේම ඇතැමුන්ගේ සිත් වල නෙගටිව් මතක සහ නෙගටිව්මය පොසිටිව් මතක රැසකට හේතු වූ නගරයකි.

          මා ගම්පහ දැනගන්නේ ඉතා කුඩාම කාලයේ ය. කුඩා කල අප හට පුද්ගලික වාහනයක් නොවූයෙන් අප ගමන් යාම සඳහා භාවිත කළේ කුලී රථ සහ පොදු ප්‍රවාහන සේවා වේ. මා ගේ අවිදුර දෘශ්‍ටිකත්ව රෝගයට ප්‍රතිකාර සඳහා කොළඹ ඇස් රෝහලට ගියේත් මේ ගම්පහ දුම්රිය ස්ථානය පසුකරගෙන වේ. ඉන් පසුව පාසලේ 7 වසර මැද වන විට මම පරිගණක අධ්‍යාපන කටයුතු සඳහා ගම්පහ පැමිණීයෙමි. ඒ 2002 ය. එතැනින් පසු බොහෝ විට සතියකට දෙවතාවක් හෝ ඊටත් වඩා වතාවන් ගණනක් මම ගම්පහ නගරයට පැමිණීම සාමාන්‍ය දෙයක් විය. එමෙන්ම මා අන්තර්ජාල භාවිතයට දැඩි සේ යොමු වූයේත් ගම්පහ තිබූ Internet Cafe වලට පිං සිද්ධවන්නට ය.

           මෙසේ කාලය ගෙවී ගොස් මා 10 11 වසර වල ඉගෙනගන්න කාලයේ නම් ගම්පහ ඒමට තවත් හේතු ඇති විය. ඒ මාගේ පංති වල ඉගෙනගන්නා කෙල්ලන් බැලීමට ය. අද මෙන් social media නැති එම කාලයේ මගේ එකම chat කිරීමේ ක්‍රමය Yahoo Messenger වී තිබුණි. එසේත් නැත්නම් රුපියල් 2.60 වියදම් කොට SMS කොටා යැවීමි. අදටත් මා සතුව පවතින්නේ 10 වසරේ දී රුපියල් 1500 ක් වියදම් කොට, මාගේ තාත්තාගේ හැඳුනුම්පතට ලබාගත් 077 98 20 6** අංකය හිමි ඒ අජරාමර ඩයලොග් සිම් පත වේ. එය නම් ගම්පහින් නොව මීරිගම එවකට රාව ප්‍රතිරාව නැංවූ Peace Sun Communication එකෙන් මිළදීගත්‍තෙමි.

              ඉහතදී මා කතා කළ කෙල්ලන් බැලීම වනාහි වත්මනේදී මෙන් නොව 2006, 2007 කාලයේදී අපි ඉතාම සුන්දරවද බොහෝ බලාපොරොත්තු සහිතව කළ ක්‍රියාවකි. නමුත් මා නම් උංගෙං කිසිම දවසක කැමැත්ත නම් අසා නැත. ඒ මා කටකතා වලින් ගම්පහ කෙල්ලන්ගේ විවිධ විවිධ qualities අසා ඇති නිසා නොවේ. ඒවා සම්බන්ධව දැඩිව විශ්වාස නොකළ නිසා ද නොවේ. එම කෙල්ලන් මා හට "අනේ බෑ දිල්" යයි ප්‍රකාශ කළහොත් මාගෙ සිත වෙලාගෙන යන ඒ බ්ලඩී එක්ස්ප්‍රෙෂනයේ ඇති ඩල් ස්වභාවයත්, එය පරයා යන මල්ටි බැරල් ප්‍රහාරයකටත් වඩා බලවත් එම කම්පනයත් මට දරාගත හැකි වේදෝයි ඇති අවිනිශ්චිත කම නිසයි. මා 2017 පමණ වන තෙක් ම එම බිය මගේ සිත වෙලා සිටියේ ය. සියළුම බිය ට වඩා එම බියෙහි විශාල බව මගේ ඇස් පනාපිට ඕනෑ තරම් දැක ඇත්තෙමි.


        එම කාලයේදී අපි සමහර පන්ති වලට නොයා අම්මලාට කොලේ වසා රස්තියාදු ගැසූ වාර අනන්ත ය. එසේම තැටිගතකිරීම් වලට සහභාගි වී රුපියල් 1000 ක් 2000 ක් ලද විට එය ද අපේ කොල්ලන් කෙල්ලන් සමග කඩචෝරු වලට වියදම් කළ අවස්ථා ද ඇත. එමෙන්ම කෙල්ලන් බැලීමට යශෝදරාව අවටත් රත්නාවලිය අවටත් මා ද අනෙකුත් කොල්ලන් ද රස්තියාදු වුන අවස්ථා එමට ය. අපේ ඇතැම් කොල්ලන්ට උදව් කරන්නේ (සාම්ප්‍රදායික ආකාරයෙන් ම) අර කෙල්ලංගේ යාළුවන් ය. ඒ එක්කෝ උං ව කඩචෝරු කෑමට එක්කගෙන යයි හෝ රස්තියාදු වල එක්කගෙන ගොස් ගෙදරටම ගෙනත් දමාවි ය යි වැනි අල්ලස් ලබාගැනීම් වලට ය. ඒව එසේ වුනත් එකල කොල්ලන් සහ කෙල්ලන් එක සේ මචංලා ය. රාත්‍රියක තනි වුන ද, එතැන එක් කෙල්ලෙක් කොල්ලන් සමූයක් සමග සිටියත් ඉතාම ආරක්ෂාවක් එතැන ඇත. දැන් මෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය එකල භාවිතයේ නැත. එකල එක්කෝ කොල්ලන් මුදල් එකතු කොට බීර මිලදී ගනිති. ඒ සමගම Gold Leaf තුන හතරක් සමග ඇතැම් විට බුලත් විටක් හෝ දෙකක් මිලදී ගනිති. මේ කාලයේ මෙන් එවකට කේරල ගංජා හෝ ක්‍රිස්ටල් මෙත් නැත. එමෙන් ම මතට ලොල් කෙල්ලන් ද ඒ කාලයේ මදක් දුර්ලභය. එක්කෝ උං බීර උගුරක් දෙකක් බී පෆ් දෙකක් හෝ තුනක් එසැන ඇද බොහෝ වේලාවක් එම දුම පෙනහැලි තුළ රඳවා තබාගෙන ලතාවකට මුදාහැර, පොඩි බුලත් කොල කෑල්ලක් සපා ඉස්ම උරන්නියෝ වේ. නැතිනම් අප බොන බීර උගුරට කෙල හලන්නියෝ වේ. මේවාට ගම්පහ විවිධ ස්ථාන සැකසී තිබුණි. ඉන් සමහර ස්ථානයන් පංති අසල ම වේ. මේ සියළුම දේවල් සමග එක දෙයක් කීමට තිබේ. කෙතරම් රස්තියාදු ගැසූවද එම රස්තියාදු ගැසූ සියල්ලන් අද හොඳ තැන් වල ය. උන් කිසිවිටෙකත් ජීවිතය වරද්දාගත්තේ නැත. මෙය වැරදි ආදර්ශයක් දීමක් ලෙස ඇතැමෙක් දුටුවත් එසේ නැත.


         මට ගම්පහ තවත් සමීප වීමට එක් හේතුවක් වන්නේ 2014 වසරේ මට හමුවුන එක් චරිතයක් වේ. ඈ මගේ නොවන මගේ වැඩිමහල් සහෝදරිය වේ. මගේ නොවන මවකට සහ පියකුට දාව උපන් ඈ මගේ අක්කා වූවා ය. මුලින් ඇය මගේ මිතුරියකි. වත්මනේදී මෙන් ම අනාගතයේදී ද එසේම ය. ඈ නිසා ද දැන් ගම්පහ මා හට තවත් ළඟ ය.


     ඒ කෙසේ වී තිබුණත් අද වන විට ගම්පහ බොහෝ මිනිසුන් වෙනස් ය. ඇතැමුන් ඉතාම Aggressive ය. ඇතැමුන් සාමකාමී ය. ඇතැමුන් බොහෝ පීඩාවකින් දිවි ගෙවති. ඇතැමුන් මිනිසුන් නොහඳුනා Reject කරති. නමුත් ගම්පහ ගම්පහ ම ය.

Comments

Popular posts from this blog

Harmonizing the Brain: How Practicing Classical Music Develops Cognitive, Emotional, and Motor Abilities

Introduction: The human brain is an incredibly complex organ that continues to fascinate neuroscientists, psychologists, and musicians alike. For centuries, music has been recognized as a unique form of expression that stimulates our cognitive, emotional, and motor abilities. In particular, practicing classical music has been shown to have a profound impact on the developing brain. In this blog post, we will explore the scientific research on how the brain develops through practicing classical music. The Impact of Classical Music Practice on Brain Development: Numerous studies have shown that practicing classical music can enhance brain development in several ways. Firstly, it has been demonstrated that musical training can lead to changes in the structure and function of the brain. For instance, a study published in the Journal of Neuroscience found that adult musicians had larger brain volumes in areas associated with motor and auditory processing compared to non-musicians. Furthermo...

Balancing Act: Civilization, Ethics, and the Quest for Natural Harmony

In the annals of human history, the journey from our primitive origins to the highly organized, technologically advanced societies we now inhabit has been marked by a paradoxical relationship between civilization, ethics, and naturalization. The process of civilization, characterized by the establishment of rules, ethics, and social norms, has undoubtedly transformed the way we live and interact. But has it eroded our innate connection to the natural world, and is this shift a positive or negative development? Let's delve into this intriguing question. The Taming of Our Wild Side From our hunter-gatherer ancestors to modern-day city dwellers, the evolution of civilization has seen us gradually distance ourselves from the wild, untamed aspects of nature. We've constructed shelter, formed governments, and developed complex economic systems. We've also established ethical guidelines that dictate how we treat one another and the planet itself. This taming of our wild side is of...

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.                එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පම...