Skip to main content

ගණිතමය ගැයිය සහ චෞරාත්මක පුන ගැයිය

මා මිත්‍ර වාසලයා සහ උගේ මල්ලිලා බාණ සම්බන්ධව මගේ කිට්ටු මිතුරනුත් උගේ හැම මිත්‍රයනුත් සේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතැමුනුත් දනිති. නොදන්නා ඔබට ඔවුන් හඳුන්වා දීමට හැක්කේ පසුගියදා රයිගම් ආයතනය මගින් පැවැත්වූ Raigam SoMe Awards දීප ව්‍යාප්ත නිර්මාණ තරඟයෙන් හොඳම නිර්මාණාත්මක Cover වීඩියෝවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙම සහෝදර ත්‍රිත්වය යි යනුවෙන් හඳුන්වා දීමෙනි. උන් සතු Wave Lab SL ශබ්දාගාරයේ පරිගණකය එකලස් කිරීමේ පටන් මා හට ම ආරාධනා කිරීම එක් අතකින් නොව හැම අතින්ම ගතහොත්, පුරාජේරුවෙන් තොරවූද, අව්‍යාජාත්මක වූද ඔවුන් මා හට ඇති ගෞරවයක් සහ ඊටත් වඩා සැට්වීමට ඇති ආශාව බැවු මගේ සිතේ ඇති ප්‍රොමිනන්ට්මය විශ්වාසය වේ.


එම ශබ්දාගාරයට ලැබෙන සමහර සැටහීමේ වැඩකටයුතු සඳහා වාද්‍ය ශිල්පියකු ලෙසත්, සැටහීමේ ඉංජිනේරු ශිල්පියකු ලෙස සහ පසු නිශ්පාදන ශිල්පියකු ලෙසත් මා හට සමහර අවස්ථාවලදී ඇරයුම් ලැබේ. එවන් එක් අවස්ථාවක් වන්නේ ලංකාවේ අපේ පරම්පරාවේ ජනප්‍රිය එක්තරා ශිල්පියකුගේ ගීයක පූර්ව නිශ්පාදන කටයුත්ත හා පසු නිශ්පාදනය නැත හොත් Editing, Mixing and Mastering කටයුත්ත වේ. එම ශිල්පියා කවුද'යි කීම සදාචාරාත්මක නැති හෙයින් එම කීමෙන් වැලැකී සිටිමි. නමුත් ඔහු සම්බන්ධව ආටානාටිය සූත්‍රයේදී පවා දේශනා කොට ඇත. ඔහුට ඔහු පෙනීසිටින නාමය දමාගන්නට ආනන්ද කුමාරස්වාමි නම් වත්මනේ බච්චන් බහුතරයක් නොහඳුනන යුග පුරුශයාගේ සමහර චිත්‍ර නිර්මාණත් සමහර පත පොත ත් රහසේ උදව් වුන බව ඔහුත් නොදන්නා මගේ කල්පනාව යි.


මා එදින එහි ගොස් සරපුවරුව ද වයා, වයලීනය ද වයා එදින කළ කී දෑ සඳහා අදාළ මුදල ද රැගෙන වාසලයාගේ කාරයෙන් ම ආපසු ගෙදර පැමිණ පසුවදා ම අර මුදල ද බැංකුවේ පොදිගසා ලෑවෙමි. ඉන් දින කිහිපයකට පසුව වාසලයා මා අමතා පෙර නිර්මාණයෙහි පසු නිශ්පාදන කටයුත්ත කරගැනු වස් මා නිවසට පැමිණීමට දිනයක් වෙන්කරගත්තේ ය. ඉක්බිත්තෙන් ඔහු අදාළ දිනයේදී මෙහි පැමිණ අවශ්‍ය කටයුත්ත මා වෙතින් කරගත්තේ ය. එය සම්පූර්ණ ගීතයේ මා Pro Tools මෘදුකාංගයේ එය කරනු ලැබූ Sample Rate එක වන 96K සහ 24 බිටු ගැඹුරක් සහිත wave ගොනුවකුත්, දෘශ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා 48K 24bit ගොනුවකුත් සහ අධි විභේදිත mp3 ගොනුවක් ලෙස ගොනු 3 ක් Master Sessions එකෙන් පිටතට බවුන්ස් කොට ගත්තෙමි. පසුව වාසලයාගේ සේවාදායකයාගේ ඉල්ලීමකට අනුව එම ගීතයේ සංගීත භාණ්ඩ සහ ගායනය වෙන වෙනම ගොනු කිහිපයකට බවුන්ස් කොට වෙනම වාසලයාගේ දෘඩ තැටිය තුලට පොදිගසා හැලීමි. එම කටයුත්තටද මා ගෙවුම් ලදිමි. එයද මාගේ ගිණුමකට එබුවෙමි. මේ සිද්ධිය සාමාන්‍ය පරිදි ම මතක ගොන්නට එකතු විය. එම තනුව කන වැකුනු වෙලේ සිට මා පැවසූයේ "මේක ගණිතමය සිංදුවක් නෙ" කියා ය. ඊට හේතුව එම තනුවේ ඇති ආකෘතිය සහ ගැලීමේ ස්වභාවය මූලික අංක ගණිත පාඩම් වල හැඟීම දැනවීම විනා නිර්මාණාත්මක ගතිය අඩු යයි මට දැනීම ය.


කලකට පසුව මා නැවත වාසලයාගේ වේව් ලැබය වෙත ගියෙමි. එදින මා හට ඔවුන් පවසා සිටියේ, අධමයින්ට සුලබ නමුත් අධමයන් නොවන පුද්ගලයන්ට ඉතා කටුක සහ සිරිකිත හැඟීමක් දනවන නිර්මාණ කොල්ලයක් පිළිබඳව වේ. ඉහත ගීතයේ තනුව හැර අන් සියළුම සංගීත නිර්මාණය සහ සැකසුමත්, සංගීත සංයෝජනයත් වාසලයාගේ ය. නමුත් අදාළ සේවාදායක අමනුෂ්‍ය තෙමේ මෙය ඔහුගේ යයි පවසා, ඔහුගේ නම යොදා වෙනත් අයකුට අලෙවි කරනු ලැබ තිබුණේ ය. මා හට ගිය වසරේදී එම අමනුශ්‍ය තෙම ප්‍රසංගයකදී හමු වුනේ ය. හෙතෙම මා නොහඳුනයි. නමුත් මා ඔහුව හොඳින් ම හඳුනමි.


ආටානාටිය සූත්‍රයේ ද සඳහන් කොට ඇති මෙවන් අය ගැන එසේ ම සෙස්සෝ ද දනිත්වා.


යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂපෝතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍රයෙක් හෝ යක්ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගන්ධර්වයෙක් හෝ ගන්ධර්වියක් හෝ ගන්ධර්ව පෝතකයෙක් හෝ ගන්ධර්වපෝතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍රයෙක් හෝ ගන්ධර්ව පාරිෂද්‍යයෙක් හෝ ගන්ධර්ව පරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපොතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය.

Comments

Post a Comment

Popular posts from this blog

Harmonizing the Brain: How Practicing Classical Music Develops Cognitive, Emotional, and Motor Abilities

Introduction: The human brain is an incredibly complex organ that continues to fascinate neuroscientists, psychologists, and musicians alike. For centuries, music has been recognized as a unique form of expression that stimulates our cognitive, emotional, and motor abilities. In particular, practicing classical music has been shown to have a profound impact on the developing brain. In this blog post, we will explore the scientific research on how the brain develops through practicing classical music. The Impact of Classical Music Practice on Brain Development: Numerous studies have shown that practicing classical music can enhance brain development in several ways. Firstly, it has been demonstrated that musical training can lead to changes in the structure and function of the brain. For instance, a study published in the Journal of Neuroscience found that adult musicians had larger brain volumes in areas associated with motor and auditory processing compared to non-musicians. Furthermo...

Balancing Act: Civilization, Ethics, and the Quest for Natural Harmony

In the annals of human history, the journey from our primitive origins to the highly organized, technologically advanced societies we now inhabit has been marked by a paradoxical relationship between civilization, ethics, and naturalization. The process of civilization, characterized by the establishment of rules, ethics, and social norms, has undoubtedly transformed the way we live and interact. But has it eroded our innate connection to the natural world, and is this shift a positive or negative development? Let's delve into this intriguing question. The Taming of Our Wild Side From our hunter-gatherer ancestors to modern-day city dwellers, the evolution of civilization has seen us gradually distance ourselves from the wild, untamed aspects of nature. We've constructed shelter, formed governments, and developed complex economic systems. We've also established ethical guidelines that dictate how we treat one another and the planet itself. This taming of our wild side is of...

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.                එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පම...