Skip to main content

පුරාජේරු නොවන ඇදීම

ඔබට මේ බ්ලොග් ලිපිය කියවන විට "මේකා මහ පුරාජේරු කාරයා" ය යි සිතුනේ නම් ඔබ අනෙක් බොහෝ අයගේ පඩාත්මක කෙරුම් නොදන්නා ළදරුවකු වේ. ලෝකවාසීන් ගෙන් බොහෝ පිරිසක් නිවාස වලට ම වී සිටිනා අපූරු කාලයක් වන මෙම කාලයේ ඔබ බොහෝ දෙනෙක් සිතනවා ඇත්තේ මේ කාලයේදී සියල්ලන් හට කිසිම කාර්‍යයක් නොමැතිව යම් අලස භාවයකින් යුතුව ගෙවා දමයි යනුවෙන් වන්නට හැක. එය බොහෝ පිරිසකට එසේ වුව ද මා හට නම් මෙම වසංගතය නොමැති කාලයටත් වඩා අතිශය කාර්‍යබහුල කාලයකි. බිලී ප්‍රනාන්දු ගේ නිදි නැති රැය රී මේකය, නිපුනි දිසානායක ගේ YouTube නාලිකාවෙහි අඩංගු කළැ, කරන වීඩියෝ කටයුතු සේ ම මා සෘජුව සම්බන්ධ වෙන Coversclub Guys හි ගීත වලට වාද්‍ය ශිල්පියකු සේ ම නාද සංයෝජන ශිල්පියකු ලෙස නිවසේම සිට දායක වීමත්, තවත් හඬ සංයෝජන කටයුතු මෙන්ම තවත් විවිධ නිර්මාණ කටයුතු සඳහාත් නිවසේ සිට දායක වී මි. ඒවාට අමතරව තවත් දායක වීමට නිර්මාණ කටයුතු විශාල ප්‍රමාණයක ලැයිස්තුවක් ම ඇත. නිරෝධායන ශානරයේ නිර්මාණ මෙන් ම එම ශානරයේ නොවන නිර්මාණ ද එහි ඇත. ඒ අතරින් මුදල් අයකරන වර්ගයේ ඒවා සමහරක් සඳහා අදාළ ක්ලයන්ටුන් විසින් මගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරනු ළැබ ඇත. මගේ 2005 දී සැදූ යාහු මේල් ඉන්බොක්සයේ සහ මගේ ජංගම දුරකථන කෙටි පණිවිඩ ගබඩාවෙහි ඇති ඊ-බෑංකිං පණිවිඩ ඒ බැර කිරීම් වලට සාක්ෂි සපයයි.
        මතක ඇති කාලයේ සිටම කරන සියළුම දේවල් පිළිබඳව රිසර්ච්චු කොට පරතෙරටම අවබෝධ කොට ගැනීමට මා පෙළැඹුණේ තාත්තා නිසා වේ. මෙම බ්ලොගයේ නම වෙනස් කිරීම කළේ ද එම පුරුද්දට ම ය. අප පියා සතු ගණිත මිනිතාදී දැනුම හා එය පරයා විහිදුණු අවබෝධයත්, නාට්‍ය දැනුම මෙන්ම පෙරාකාර අවබෝධයත් මෙම මාගේ රිසර්ච්චු පුරුද්දට හේතුවක් වන්නට ඇත. ඔහුට උවමනා වුනේත්, අනාගතයේ උවමනා වන්නේත් මගේ සහ මල්ලීගේ කපාල ස්නායු දොළොස් වර්ගය අධි ක්‍රියාකාරී කිරීමට ය. ඒවායින් දෘශ්ටික ස්නායුව හෙවත් පර බසින් Optic Nerve ලෙස හඳුන්වන ස්නායුව නම් ක්‍රියා කළාට ලකයක් නැත. ඊට හේතුව මාගේ අවිදුර දෘශ්ටිකත්වය යි. එම කොටස නිවැරදි කිරීම සඳහා අම්මාත් තාත්තාත් බොහෝ සෙයින් භෞතිකව මා දන්නා කාලයේ සිටම කටයුතු කළ හ. අන්තිමට මාගේ කංකාල පේශීන් තුවාල කොට මාගේ ඇති ස්ක්වින්ටය ද නැති කොට සෘජු නේත්‍ර ලබා ගතිමි. නමුත් අවිදුර දෘශ්ටිකත්වයට එකම විසඳුම කෘතිම අක්ෂි කාච භාවිතය යි. එසේ නැතහොත් මේ ආකාර උපැස් යුවල භාවිතය යි.
             අද මේ නම වෙනස් කිරීමට සිත් වූ තව කරුණක් වන්නේ බොහොමයක් දෙනා කරන දෙය කිරීමට මගේ ඇති අකැමැත්ත ය. බොහෝ විදේශීය බ්ලොග් කරුවන් අහවලා,s Blog ආදී අයුරින් යොදන අතර අප ස්වදේශීය සමහර බ්ලොග් මිත්‍රයන් ද "මගේ බ්ලොග් එක, අරූගෙ බ්ලොග් සටහන" වැනි ආකාරයෙන් යොදති. මෙහි සිංහල නම ම මා යෙදුවේ මව් බසට ඇති කැමැත්ත නිසා වේ. මාගේ මිතුරන් එය දනිති. මම, මා කලින් භාවිත කළ ඇන්ඩ්‍රොයිඩ දුරකථන වල සිංහල භාශාව තෝරාගෙන සිටියෙක් මි. යම් දවසක ඇපල් සමාගම තම මෙහෙයුම් පද්ධති සඳහා පද්ධති භාශාව ලෙස සිංහල භාශාව දැමූ කල්හි, කාටත් කලින් ම මා භාවිත කරන ඇපල් නිශ්පාදන වල භාශාව සිංහල භාශාව කොට ගනිමි. ඔබ සැම තම රටට, තම ජාතියට සහ තම ආගමට අදින්න..! එසේ නොමැති නම් ලිංගේන්ද්‍රිය ඡේදනය කොට හොදි හදා පාං සමග කන්න..

Comments

  1. අයියේ ඔයා මේ ලියන බාසාව හරියටම හරි..දිගටම කියවන්න හිතෙනවා..❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Harmonizing the Brain: How Practicing Classical Music Develops Cognitive, Emotional, and Motor Abilities

Introduction: The human brain is an incredibly complex organ that continues to fascinate neuroscientists, psychologists, and musicians alike. For centuries, music has been recognized as a unique form of expression that stimulates our cognitive, emotional, and motor abilities. In particular, practicing classical music has been shown to have a profound impact on the developing brain. In this blog post, we will explore the scientific research on how the brain develops through practicing classical music. The Impact of Classical Music Practice on Brain Development: Numerous studies have shown that practicing classical music can enhance brain development in several ways. Firstly, it has been demonstrated that musical training can lead to changes in the structure and function of the brain. For instance, a study published in the Journal of Neuroscience found that adult musicians had larger brain volumes in areas associated with motor and auditory processing compared to non-musicians. Furthermo...

Balancing Act: Civilization, Ethics, and the Quest for Natural Harmony

In the annals of human history, the journey from our primitive origins to the highly organized, technologically advanced societies we now inhabit has been marked by a paradoxical relationship between civilization, ethics, and naturalization. The process of civilization, characterized by the establishment of rules, ethics, and social norms, has undoubtedly transformed the way we live and interact. But has it eroded our innate connection to the natural world, and is this shift a positive or negative development? Let's delve into this intriguing question. The Taming of Our Wild Side From our hunter-gatherer ancestors to modern-day city dwellers, the evolution of civilization has seen us gradually distance ourselves from the wild, untamed aspects of nature. We've constructed shelter, formed governments, and developed complex economic systems. We've also established ethical guidelines that dictate how we treat one another and the planet itself. This taming of our wild side is of...

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.                එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පම...