බ්ලොග් කියන දේ ගැන මම දැනගත්තෙ 2011 වගේ මට මතක හැටියට. ඒ කියන්නෙ ඉතිං අවුරුදු නවයකට වගේ කලිං නෙ. මම ඒ කාලෙදිත් සෑහෙන්ට හිතුවා මමත් බ්ලොග් එකක් ලියන්න පටං ගන්නවද කියල. කොහොමිං කොහොමිං හරි ඒක වුනේ නෑ ඇත්තෙම්ම.. හැහ්.. එදා ඉඳල සෑහෙන්න බ්ලොග් නම් කියෙව්වා. ඒ 2011 කාලෙ මට පරිගණකයක් තිබුණේ නෑ. 2012 මැද මගේ සංගීත නිර්මාණ කටයුතු සහ ශබ්දාගාර කටයුතු වලට උචිත වෙන විදියට මුදල් එකතු කරල පරිගණකයක් එකලස් කරගත්තා. තවත් ඒ පරිගණකය නිරුපද්‍රිතව පාවිච්චි වෙනව. ඒකෙ Motherboard එක සහ Power Supply එක අලුතෙන් දාන්න වුනා. ඒව මගේම නොසැලකිල්ලෙන් දැවී ගිය නිසා.
කොහොම වුනත් ඔය හදපු පරිගණකයෙන් නම් බ්ලොග් කියෙව්වෙ නෑ. මම බ්ලොග් කියෙව්වෙ මගෙ Mobile Phone එකෙන්. ඔහොම කෙසේ හෝ කියවල කියවල ඒකත් 2018 2019 වගේ වෙද්දි ක්‍රමයෙන් අඩු වුනා. ආයෙ ඊයෙ රෑ කියවන්න ගත්තා. ඒකත් එහෙමයි කියමුකො. දැං විනාඩි 20 කට වගේ කලිං ඇවිත් ඊයෙ පුරුද්දටම කියවන්න ගත්තා. නිරායාසයෙන් ම බ්ලොග් එකක් ලිවීමේ ඒ අනෙක්ස්ප්ලේනබල් ආසාව ආවා. පටංගත්තා.. ඕං ලිව්ව එහෙනං...
අද මේක පටංගත්ත විතරයි. ටිකෙං ටික යනකොට යනකොට මේක පත්තියං වෙන්නෙ නැතෑ. බලමුකො. මේ දවස් වල ගෙවල් වලටම වෙලා ඉමු.
එහෙනං ජයවේවා...!!!

Jayawewa aiye
ReplyDeleteඑනකන් බලන් හිටියේ..
ReplyDelete2012 ape school eke recording ekakata awa mathakada❤️
ReplyDelete