Skip to main content

ඔන්න මාත් ආවා..!!

බ්ලොග් කියන දේ ගැන මම දැනගත්තෙ 2011 වගේ මට මතක හැටියට. ඒ කියන්නෙ ඉතිං අවුරුදු නවයකට වගේ කලිං නෙ. මම ඒ කාලෙදිත් සෑහෙන්ට හිතුවා මමත් බ්ලොග් එකක් ලියන්න පටං ගන්නවද කියල. කොහොමිං කොහොමිං හරි ඒක වුනේ නෑ ඇත්තෙම්ම.. හැහ්.. එදා ඉඳල සෑහෙන්න බ්ලොග් නම් කියෙව්වා. ඒ 2011 කාලෙ මට පරිගණකයක් තිබුණේ නෑ. 2012 මැද මගේ සංගීත නිර්මාණ කටයුතු සහ ශබ්දාගාර කටයුතු වලට උචිත වෙන විදියට මුදල් එකතු කරල පරිගණකයක් එකලස් කරගත්තා. තවත් ඒ පරිගණකය නිරුපද්‍රිතව පාවිච්චි වෙනව. ඒකෙ Motherboard එක සහ Power Supply එක අලුතෙන් දාන්න වුනා. ඒව මගේම නොසැලකිල්ලෙන් දැවී ගිය නිසා.

කොහොම වුනත් ඔය හදපු පරිගණකයෙන් නම් බ්ලොග් කියෙව්වෙ නෑ. මම බ්ලොග් කියෙව්වෙ මගෙ Mobile Phone එකෙන්. ඔහොම කෙසේ හෝ කියවල කියවල ඒකත් 2018 2019 වගේ වෙද්දි ක්‍රමයෙන් අඩු වුනා. ආයෙ ඊයෙ රෑ කියවන්න ගත්තා. ඒකත් එහෙමයි කියමුකො. දැං විනාඩි 20 කට වගේ කලිං ඇවිත් ඊයෙ පුරුද්දටම කියවන්න ගත්තා. නිරායාසයෙන් ම බ්ලොග් එකක් ලිවීමේ ඒ අනෙක්ස්ප්ලේනබල් ආසාව ආවා. පටංගත්තා.. ඕං ලිව්ව එහෙනං...

අද මේක පටංගත්ත විතරයි. ටිකෙං ටික යනකොට යනකොට මේක පත්තියං වෙන්නෙ නැතෑ. බලමුකො. මේ දවස් වල ගෙවල් වලටම වෙලා ඉමු.

එහෙනං ජයවේවා...!!!

Comments

Post a Comment

Popular posts from this blog

රැකෝඩිං ඉංජිනේරුවරු

මගේ එක් මුදල් සෙවීමේ කාර්‍යයක් වන්නේ Audio Engineer කෙනෙකු ලෙස ස්වදේශීය සහ ඇතැම් විට අන්තර්ජාතිකවත් කටයුතු කිරීම ය. එය මා මුදල් සෙවීමට පමණක් ම නියැලෙන ක්ෂේත්‍රයක් ම නොවේ. ආත්ම තෘප්තිය සඳහා මෙන්ම කුඩා කල සිට පැවති ආශාවක් ලෙසත් කිව හැක. මාගේ දැනුමේත්, දැනුමටත් එහා අවබෝධයේ හැටියට නම් Audio Engineer කෙනෙකු ව හැඳින්විය යුත්තේ “ශ්‍රව්‍ය ඉංජිනේරු ශිල්පියකු” යන්නෙන් වේ. මෙම කාර්‍යය නිවැරදිව කරන පුද්ගලයන් ලංකාවේ නම් අතලොස්සකි. මා මෙම විශයට අදාළ නිවැරදි හැදෑරීම් අරඹන අවධියේදී එනම් 2003 වර්ශය අවසන් කාලයේදී ම මම පියානෝ හා සරපුවරු වාද්‍ය ශිල්පියකු ලෙස විවිධ තැටිගතකිරීම් සඳහා දායක වීම ඇරඹුනි. එවක් පටන් මා එක් එක් Audio Engineers ලා හඳුනා ගතිමි. ඇතැමෙක් ඉතා නිහතමානී ඇත්තෝ ය. තව සමහරක් ලේන්නු ඇඟ කසනවාක් මෙන් ඉතා කලබලකාරී ය. තවත් පිරිසක් තමා තරම් අය නැතැයි නොකියා උදම් අනන කොවිඩාසාදනය විය යුතු අය ය. ස්වදේශීයව ඇතැමෙක් එසේ වුවත් විදේශීයව එයාකාර අසිරියක් දැකගත හැකි නොවේ. මා පටන්ගත් කාලය දෙස බලනා කල, අපට උපාංග මිලට ගැනීමත් ඉතාම අසීරු විය. ඇතැම් ඉංජිනේරුවන් මයික්‍රෆෝන ස්ථානගතක...

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.                එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පම...

ගණිතමය ගැයිය සහ චෞරාත්මක පුන ගැයිය

මා මිත්‍ර වාසලයා සහ උගේ මල්ලිලා බාණ සම්බන්ධව මගේ කිට්ටු මිතුරනුත් උගේ හැම මිත්‍රයනුත් සේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතැමුනුත් දනිති. නොදන්නා ඔබට ඔවුන් හඳුන්වා දීමට හැක්කේ පසුගියදා රයිගම් ආයතනය මගින් පැවැත්වූ Raigam SoMe Awards දීප ව්‍යාප්ත නිර්මාණ තරඟයෙන් හොඳම නිර්මාණාත්මක Cover වීඩියෝව ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙම සහෝදර ත්‍රිත්වය යි යනුවෙන් හඳුන්වා දීමෙනි. උන් සතු Wave Lab SL ශබ්දාගාරයේ පරිගණකය එකලස් කිරීමේ පටන් මා හට ම ආරාධනා කිරීම එක් අතකින් නොව හැම අතින්ම ගතහොත්, පුරාජේරුවෙන් තොරවූද, අව්‍යාජාත්මක වූද ඔවුන් මා හට ඇති ගෞරවයක් සහ ඊටත් වඩා සැට්වීමට ඇති ආශාව බැවු මගේ සිතේ ඇති ප්‍රොමිනන්ට්මය විශ්වාසය වේ. එම ශබ්දාගාරයට ලැබෙන සමහර සැටහීමේ වැඩකටයුතු සඳහා වාද්‍ය ශිල්පියකු ලෙසත්, සැටහීමේ ඉංජිනේරු ශිල්පියකු ලෙස සහ පසු නිශ්පාදන ශිල්පියකු ලෙසත් මා හට සමහර අවස්ථාවලදී ඇරයුම් ලැබේ. එවන් එක් අවස්ථාවක් වන්නේ ලංකාවේ අපේ පරම්පරාවේ ජනප්‍රිය එක්තරා ශිල්පියකුගේ ගීයක පූර්ව නිශ්පාදන කටයුත්ත හා පසු නිශ්පාදනය නැත හොත් Editing, Mixing and Mastering කටයුත්ත වේ. එම ශිල්පියා කවුද'යි කීම සදාචාරාත්...