Skip to main content

රැකෝඩිං ඉංජිනේරුවරු

මගේ එක් මුදල් සෙවීමේ කාර්‍යයක් වන්නේ Audio Engineer කෙනෙකු ලෙස ස්වදේශීය සහ ඇතැම් විට අන්තර්ජාතිකවත් කටයුතු කිරීම ය. එය මා මුදල් සෙවීමට පමණක් ම නියැලෙන ක්ෂේත්‍රයක් ම නොවේ. ආත්ම තෘප්තිය සඳහා මෙන්ම කුඩා කල සිට පැවති ආශාවක් ලෙසත් කිව හැක. මාගේ දැනුමේත්, දැනුමටත් එහා අවබෝධයේ හැටියට නම් Audio Engineer කෙනෙකු ව හැඳින්විය යුත්තේ “ශ්‍රව්‍ය ඉංජිනේරු ශිල්පියකු” යන්නෙන් වේ. මෙම කාර්‍යය නිවැරදිව කරන පුද්ගලයන් ලංකාවේ නම් අතලොස්සකි.


මා මෙම විශයට අදාළ නිවැරදි හැදෑරීම් අරඹන අවධියේදී එනම් 2003 වර්ශය අවසන් කාලයේදී ම මම පියානෝ හා සරපුවරු වාද්‍ය ශිල්පියකු ලෙස විවිධ තැටිගතකිරීම් සඳහා දායක වීම ඇරඹුනි. එවක් පටන් මා එක් එක් Audio Engineers ලා හඳුනා ගතිමි. ඇතැමෙක් ඉතා නිහතමානී ඇත්තෝ ය. තව සමහරක් ලේන්නු ඇඟ කසනවාක් මෙන් ඉතා කලබලකාරී ය. තවත් පිරිසක් තමා තරම් අය නැතැයි නොකියා උදම් අනන කොවිඩාසාදනය විය යුතු අය ය. ස්වදේශීයව ඇතැමෙක් එසේ වුවත් විදේශීයව එයාකාර අසිරියක් දැකගත හැකි නොවේ. මා පටන්ගත් කාලය දෙස බලනා කල, අපට උපාංග මිලට ගැනීමත් ඉතාම අසීරු විය.


ඇතැම් ඉංජිනේරුවන් මයික්‍රෆෝන ස්ථානගතකිරීම් පිළිබඳව හසල දැනුමැත්තෝ ය. මා මිත්‍ර පියානෝ වාද්‍ය ශිල්පියකුගේ වෙඩිමකට ඔහුගේ පියානෝව සඳහා AKG C411 වර්ගයේ වයලීන, මැන්ඩලීන සඳහා අලවන Body Pickup ගණයේ ගැනෙන මයික්‍රෆෝනයක් ඇලවූ රටම දන්නා ශබ්ද පරිපාලක ශිල්පියකු ගැන ද මට දැන් මතකයට නැගුණි. එසේම තබ්ලාව සඳහා Kick Drum එකට දමන මයික්‍රෆෝනයක් භාවිත කරනු Facebook හරහා ඔහුගේ ශබ්දාගාර ඡායාරූප එකතුවක අඩංගු කළ රටම දන්නා ඉංජිනේරුවකු ද මට මතක් විය. නමුත් මා දන්නා දේව සත්‍යයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. උක්ත කැටගරියේ ඉංජිනේරුවන්ගෙන් සියයට අසූවකගේම සාමාන්‍ය දැනීමත්, කලාකාමී හැකියාව මෙන් ම සහෘද භාවය ඉතාම ප්‍රශංසනීය වේ. අනෙක් අතට ඔවුන් කාලයක් තිස්සේ මේ වෘත්තියේ වසර ගණනාවක් රැඳෙමින්, දැනුම ඉක්මවා ගිය අවබෝධයකින් යුක්තව ස්වදේශීය සංගීත කෙතට සේවාවක් කළ අය වේ. එමෙන්ම ඔවුන් ඇතැමෙක් ගේ ආරම්භයත්, ඇතැමෙක් ගේ ස්වර්ණමය යුගයත් ශ්‍රී ලාංකේය සංගීත ක්ශේත්‍රයේ මහා යුග පුරුෂයන් ලෙස හඳුන්වන ආචාර්ය කේමදාසයන්, ඇල්විටිගලයන්, රූකාන්ත ගුණතිලකයන් වැනි දිව්‍යමය නිර්මාණ ශිල්පීන් ගේත් ස්වර්ණමය යුගය යි. එම අනුභූතීන් ද මෙම ඉංජිනේරුවරුන්ගේ වටිනාකම වැඩිවීමට හේතු වී ඇත යන්න මගේ කල්පනාවයි.


ඉහත කැටගරියට හාත්පසින් ම වෙනස් කැටගරිය වන්නේ වත්මනේ බිහිවන 1995 න් පසුව ජනිත වූ ස්ටුඩියෝ හිමිකාරයන් ය. මාගේ මේ දෝශාරෝපනය එවුන්ගෙන් හැමෙකාටම නොව තමා පඬියා යයි සිතා සිටින බච්චන් ට ය. යූටියුබය ගුරුගෙදර කොට ගනිමින්, EDM ෂානරය පමණක් තම එකම අයිතමය කොට ගනිමින්, කිසිම ගරුත්වයක් නොමැති, අවනත භාවයක් තබා තාක්ෂණික දැනුම ද නොපැතිරුණු, මෘදුකාංග වල පෙර සැකසුම් නොහොත් Presets මත යැපෙන්නන් ය. ඒ කැටගරියත් කැටගරියක් නිසා මෙහි සඳකන් කළා මිස අපේ වචනයෙන් කිවහොත් "අපත ****ලා" ලෙස in brief සඳහන් කළ හැක.

මා ඉතා ආදරය කරන, ගෞරව කරන සහ මාගේ වයලීනයේ, සර පුවරුවේ නාදය සැටහූ, පෙර සැකසූ සහ පසු සැකසූ Audio Engineers ලා හෙවත් ශ්‍රව්‍ය ඉංජිනේරු ශිල්පීන් කිහිපදෙනෙක් මෙහි සඳහන් කරනු කැමැත්තෙ


එංගලන්ත වාසී ශිල්පීන් වන මෙමමිත්‍රයන් ද මෙසේ ගෞරවයෙන් සිහිපත් කරමි.



තවත් බොහෝ දෙනෙක් මෙම ලැයිස්තුවට එකතු විය යුතු අතර මේ සඳහන් කළේ මා වාද්‍යශිල්පියකු ලෙස කටයුතු කරන අවස්ථා වල මාගේ වැයීම් සැටහූ (Recorded) සහ මා Audio Engineer කෙනෙක් ලෙස කටයුතු කරන අවස්ථාවන් හි පසු නිශ්පාදන කටයුතුකම් කළ හා සහය දැක්වූ, සහය දැක්වීමට ඇරයුම් ලැබූ ශ්‍රව්‍ය ඉංජිනේරු ශිල්පීන් වේ. මොවුන් මාගෙන් ලද Dull අත්දැකීම් වලට වඩා මා මොවුන්ගෙන් ලද අත්දැකීම් සහ ඉගෙනගත් දේ අතිවිශාල ය. සියල්ලෝම මනුශ්‍යයෝ ය. අමුත්තන් මෙහි නැත. යම් දිනයක යන්නට යති. පින් ඇතොත් වෙනත් ප්‍රොෆයිලයකින් අප අතරට පැමිණේ.

Comments

  1. දිගටම ලියන්න අයියේ❤️❤️❤️🎼🎼🎼

    ReplyDelete
  2. නියම වැඩක් අයියෙ..

    ReplyDelete
  3. Harima lassanata liyala thiyNawa wishala watinakamak me wachana wala thiyanawa jesupihitai ayya

    ReplyDelete
  4. niyama wedak dilshan ayye..b.s

    ReplyDelete
  5. වටිනා අදහස් .දිගටම ලියන්න අයියේ .ජයවේවා ❤

    ReplyDelete
  6. දිගටම ලියන්න .❤️

    ReplyDelete
  7. දිලා ....
    මෙය පට්ට යැ.

    ReplyDelete
  8. දිලා....
    මෙය
    පට්ට යැ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Harmonizing the Brain: How Practicing Classical Music Develops Cognitive, Emotional, and Motor Abilities

Introduction: The human brain is an incredibly complex organ that continues to fascinate neuroscientists, psychologists, and musicians alike. For centuries, music has been recognized as a unique form of expression that stimulates our cognitive, emotional, and motor abilities. In particular, practicing classical music has been shown to have a profound impact on the developing brain. In this blog post, we will explore the scientific research on how the brain develops through practicing classical music. The Impact of Classical Music Practice on Brain Development: Numerous studies have shown that practicing classical music can enhance brain development in several ways. Firstly, it has been demonstrated that musical training can lead to changes in the structure and function of the brain. For instance, a study published in the Journal of Neuroscience found that adult musicians had larger brain volumes in areas associated with motor and auditory processing compared to non-musicians. Furthermo...

Balancing Act: Civilization, Ethics, and the Quest for Natural Harmony

In the annals of human history, the journey from our primitive origins to the highly organized, technologically advanced societies we now inhabit has been marked by a paradoxical relationship between civilization, ethics, and naturalization. The process of civilization, characterized by the establishment of rules, ethics, and social norms, has undoubtedly transformed the way we live and interact. But has it eroded our innate connection to the natural world, and is this shift a positive or negative development? Let's delve into this intriguing question. The Taming of Our Wild Side From our hunter-gatherer ancestors to modern-day city dwellers, the evolution of civilization has seen us gradually distance ourselves from the wild, untamed aspects of nature. We've constructed shelter, formed governments, and developed complex economic systems. We've also established ethical guidelines that dictate how we treat one another and the planet itself. This taming of our wild side is of...

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.                එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පම...