මා මිත්‍ර වාසලයා සහ උගේ මල්ලිලා බාණ සම්බන්ධව මගේ කිට්ටු මිතුරනුත් උගේ හැම මිත්‍රයනුත් සේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතැමුනුත් දනිති. නොදන්නා ඔබට ඔවුන් හඳුන්වා දීමට හැක්කේ පසුගියදා රයිගම් ආයතනය මගින් පැවැත්වූ Raigam SoMe Awards දීප ව්‍යාප්ත නිර්මාණ තරඟයෙන් හොඳම නිර්මාණාත්මක Cover වීඩියෝව ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙම සහෝදර ත්‍රිත්වය යි යනුවෙන් හඳුන්වා දීමෙනි. උන් සතු Wave Lab SL ශබ්දාගාරයේ පරිගණකය එකලස් කිරීමේ පටන් මා හට ම ආරාධනා කිරීම එක් අතකින් නොව හැම අතින්ම ගතහොත්, පුරාජේරුවෙන් තොරවූද, අව්‍යාජාත්මක වූද ඔවුන් මා හට ඇති ගෞරවයක් සහ ඊටත් වඩා සැට්වීමට ඇති ආශාව බැවු මගේ සිතේ ඇති ප්‍රොමිනන්ට්මය විශ්වාසය වේ. එම ශබ්දාගාරයට ලැබෙන සමහර සැටහීමේ වැඩකටයුතු සඳහා වාද්‍ය ශිල්පියකු ලෙසත්, සැටහීමේ ඉංජිනේරු ශිල්පියකු ලෙස සහ පසු නිශ්පාදන ශිල්පියකු ලෙසත් මා හට සමහර අවස්ථාවලදී ඇරයුම් ලැබේ. එවන් එක් අවස්ථාවක් වන්නේ ලංකාවේ අපේ පරම්පරාවේ ජනප්‍රිය එක්තරා ශිල්පියකුගේ ගීයක පූර්ව නිශ්පාදන කටයුත්ත හා පසු නිශ්පාදනය නැත හොත් Editing, Mixing and Mastering කටයුත්ත වේ. එම ශිල්පියා කවුද'යි කීම සදාචාරාත්...
මට හිතෙන ගොඩක් දේවල් මම මේකෙ ලියයි...