Skip to main content

Posts

Showing posts from February, 2022

ගම්පහ, ගම්පහ ම ය.

වසරකුත් මාස කිහිපයක් ම මා වියුණු සටහනක් නොලීවේ එයට නිමිත්තක් නැතිවද නොවේ. අද මෙය මෙසේ ලියන්නේ නිමිත්තක් ඇතුව යයි සිතනා අය ද නොසිතනා අය ද ඇත. මමත් එවැනි න්‍යුට්‍රල් හා/හෝ නර්වස් මය හැඟීමකින් නිරුත්තර ය. මා ඉපදුන දිස්ත්‍රික්කය ගම්පහ ය. මා ලොකු මහත්වී අධ්‍යාපනය ලැබූ දිස්ත්‍රික්කය ද ගම්පහ ය. ඉපදුන දා පටන් අද දක්වා දශක තුනකට ආසන්න කාලයක් මා දිවි ගෙවන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ය. මා තාම විවාහ වී නැති නිසා මාගේ Fiancé ගම්පහ දිස්ත්‍රික්කයේ ද කියා කීමටත් තවම මට නොහැකිය. නමුත් එවකට මගේ එක් ප්‍රාර්ථනාවක් වූයේ ගම්පහින් ම මාගේ එම කර්තව්‍යය සිද්ධ කරගැනීමට ය. ඒවා එසේම තිබියදී ගම්පහ යනු ඉතා ආකර්ෂණීය සේම ඇතැමුන්ගේ සිත් වල නෙගටිව් මතක සහ නෙගටිව්මය පොසිටිව් මතක රැසකට හේතු වූ නගරයකි.           මා ගම්පහ දැනගන්නේ ඉතා කුඩාම කාලයේ ය. කුඩා කල අප හට පුද්ගලික වාහනයක් නොවූයෙන් අප ගමන් යාම සඳහා භාවිත කළේ කුලී රථ සහ පොදු ප්‍රවාහන සේවා වේ. මා ගේ අවිදුර දෘශ්‍ටිකත්ව රෝගයට ප්‍රතිකාර සඳහා කොළඹ ඇස් රෝහලට ගියේත් මේ ගම්පහ දුම්රිය ස්ථානය පසුකරගෙන වේ. ඉන් පසුව පාසලේ 7 වසර මැද වන විට මම පරිගණක අ...